සිතිවිලි ද්රව්යමයි. නිතරම පිටින් විත්, අපෙ වෙනවා. අපෙ වෙලා පිට වෙනවා. මගෙන් පිටවුන මෙ (මගෙ) සිතිවිලි දැන් මට අයිති නැහැ. ඒවා දැන් අයිති ඔබට.ඒවා වීසිකර දැමීම හරි, ඒවා අහුලාගෙන කාටහරි දමා ගැසීම හරි ඔබට අයිති වැඩක් !
Sunday, August 29, 2010
Saturday, August 28, 2010
Thursday, August 26, 2010
Tuesday, August 24, 2010
Thursday, August 19, 2010
Monday, August 16, 2010
21-මාගම්පුර කරදියවර ගැලුම.........
නිසිකළ පසුවී හෝ හම්බන්තොට ඉදි කෙරෙන,
නව වරායේ කොටසකට චීන්නුන් විසින් දිය පිරවූ,
කරදියවර මංගල්ලය දා...........
"මේ ගලන්නේ කරදියම නොව ජාතියේ සමෘද්ධියයි" යැයි,
මහ රජාණෝම දෙසූ සේක.
එහෙත්, සමෘද්ධි දියවරෙහි සුදු පැහැ පෙන පිඩු මිසක
සාධුකාර දුන් බහුතර රට වැසියෝ
ඒ කරදියෙහි ලුනු රස නම් නොදුටුවෝය.
සිය දිවි පරදුවට තබා ත්‍රස්තවාදය පැරදුම සදහා
සේනා මෙහෙයවූ හමුදාපතිගේ තරුපටි සමගම
අසාධාරණව සහ අයුක්ති සහගතව
සමස්ථ හමුදාවේම ආත්ම ගෞරවය සෝදා පාළු කරමින්
ඒ ගැලූ දියවර................
ජාති මාමකයන්ගේ කදූලින් ලුණු රස වී තිබුණේය.
රණවිරැ ගෞරවය බොද කරන අතරම
ත්රස්තයන්ට අවි සැපයුවන් සහ දේශද්‍රෝහී ත්‍රස්ත නායකයන්ව
දේශප්‍රේමීන් ලෙස බෞතීස්ම කරන ලද බැවින්
ඒ ගැළු දියවර.......................
දූෂිත පාපීන්ගේ කළු කාසි දහඩියෙන්ද ලුණු රස වී තිබුනේය.
නිළධාරීන් ගස් බැද, අධිකරණය විහිළුවට ලක් කරන ,
ගේ දොර පන්සල් ගිණිතබා ඉඩකඩම් කොල්ල කන,
අවිහිංසක විරෝධතාකරුවන් නීති විරෝධීව
අත්තඩංගුවට ගෙන පොළුවලින් ගසා මරා දමන
වල් වැදුනු කැලෑනීතිය නිසා රජයකට ඇති වූ
මඩ වැකුණු කිළිටි පැල්ලම් මදකට හෝ සෝදා හැරි බැවින්.....
ඒ ගැළු දියවර............
අසරණ පීඩිත ජනතාවගේ ලේ කදුලෙන්ද ලුණු රස වී තිබුනේය....
තේ පැන් සාද අතරේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය,
මේ දියවර විසින් දියාරු කර හැරි අතරම
දියවූ විපක්ෂය හරහා ජනතා විරෝධී ආන්ඩුක්රම සංශෝධනයන්,
දිය යට ගිනි මෙන් ගෙන එන්නට වෙර දරන බැවින්,
ඒ ගැළු දියවර............
වංචනික ඉච්ඡා මුසාබස් වලින් ද ලුණු රස වී තිබූ බවටද සැක නැත.
නැටුමට ගැයුමට මිලියන ගණනක දනස්කන්ධයක් වැය කරමින්,
ජය පිරිත් සෝ සුසුම් මැද ගැලුව මේ කරදිය රස සමෘද්ධිය
දූෂණයෙන් රටම වනසන භයානක සුනාමියක් නොවන්නට නම් ,
සියළු බුද්ධිමත් රට වැසියෝ.........
මේ ගලන දියවරෙහි ලුනු රස බැලීමට සූදානම් විය යුත්තේය.............
එවිට සැබෑ ලෙසම "අපි සූදානම්" යැයි කිව හැකි වන්නේය.....
අපි සූදානම් ! We are Ready !
Thursday, August 12, 2010
Wednesday, August 4, 2010
Tuesday, August 3, 2010
Subscribe to:
Posts (Atom)